2028 වන විට විදේශ ණය ස්ව ශක්තියෙන් ගෙවීමට හැකිවන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයත් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරිත්වය රඳා නොපවතින බවද අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය හා ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටී.
රාජ්‍ය නිලධාරීන් සහ පුද්ගලයන් ලෙස සියලු දෙනාගේ සහායද ඊට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සදහන් කලේ.
ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශනය පවත්වමින්.
සම්මන්ත්‍රණය පැවැත්වුනේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය, ණය සහ පාලනය යන්නෙන්. සම්මන්ත්‍රණය පැවැත්වුනේ ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාවේ අත්දැකීම්, උගත් පාඩම් සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමට.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ප්‍රගතිය සහ ඉදිරි අභියෝග සාකච්ඡා කිරීම ද මෙහි තවත් අරමුණක්.