ඩොනල්ඩ් ට්‍රම්ප් G7 සමුළුව නිමවීමට පෙර ආපසු යයි .

මැදපෙරදිග ප්‍රදේශයේ පවතින ආතතීන් සැලකිල්ලට ගනිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වීමේ සංචාරය 16වනදා රාත්‍රීයේ අවසන් කර ධවල මන්දිරයට ආපසු පැමිණෙන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් ඊයේ (16) Karoline Leavitt ප්‍රකාශ කර ඇත.

G7 සමුළුව අතරතුර, වාර්තාකරුවන්ගේ ප්‍රශ්නවලට මුහුණ දෙන විට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුමට ඇමරිකානු හමුදාව මැදිහත් වේද යන ප්‍රශ්නය මග හැරියේය. ඇමරිකාව ඊශ්‍රායලයට බුද්ධි සහාය ලබා දුන්නේ දැයි විමසූ විට, ඔහු එයට ද අපැහැදිලි ආකල්පයක් දැක්වීය.

ධවල මන්දිර නිලධාරියෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවයට අනුව, 16 වනදා G7 සමුළුවේ ආරම්භක දිනයේදී, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායල-ඉරාන ගැටුම සමනය කිරීම සඳහා ඉල්ලා සිටින G7 ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීමට තම අකැමැත්ත ප්‍රකාශ කරතිබුනි . එය ඔහු සහ සමුළුවට සහභාගී වන සෙසු නායකයින් අතර මතභේදයට හේතු වී තිබේ.
-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *