ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චන්ද ව්‍යයාපාරයට සහාය වීමට එලොන් මස්ක් පොරොන්දු වූ ඩොලර් මිලියන 300 න් අවසාන ඩොලර් මිලියන 100 ලබා නොදී ඇති අතර, එය දෙදෙනා අතර ප්‍රබල විරසකයකට හේතුවී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සදහන් කරයි . අතුරුදහන් වූ එම අරමුදල් කොතැනද යන්න තේරුම් ගැනීමට ට්‍රම්ප්ගේ ප්‍රචාරක කණ්ඩායමට ද අපහසු වී ඇත.
ට්‍රම්ප්ගේ පරිපාලනය සහ ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ පිළිබඳ ඇතිවු කලකිරීම මධ්‍යයේ මස්ක්ගේ ඉවත්වීමේ තීරණයත් සමග මෙම තොරතුරු කරලියට පැමිණෙමින් තිබේ. මස්ක්ගේ පොරොන්දු වූ සහයෝගයේ අවසාන වාරිකය තවමත් නොගෙවා ඇති බව ට්‍රම්ප් උපදේශකයින් වෝල් ස්ට්‍රීට් ජර්නලයට ප්‍රකාශකර ඇත. එලාන් මසක් ගේ ඉවත්වීම ට්‍රම්ප් මහත් ව්යාකුලතාවයට පත්කර තිබුණි .