ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (09) ආරම්භ වුණා.
ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තරගය සමගයි.
එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.