නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තබා තිබෙනවා.
එරට විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, අගමැතිවරයාගේ නිවසද මීට පෙර ගිනි තබා විනාශ කළා.
එරට අගමැති කේ. පී. ෂර්මා ඔලි ද ඉල්ලා අස්වූ අතර විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්වූ පිරිස අතර ඇමතිවරුන් ද සිටිනවා.
ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට එරට රජය ගත් තීන්දුවට එරෙහිවයි.