ආයතනික රැකවරණය හා භාරකාරිත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
රුපියල් 5,000ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 3,000ක් භාරකාරිත්වය යටතේ සැලසිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් සුබසාධන වියදම් වෙනුවෙන් ළමයා රැඳී සිටින සංවර්ධන මධ්‍යස්ථානයට හෝ භාරකාරිත්වය දරන්නාට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ලබා දීමට නියමිතය.
ඉතිරි රුපියල් 2,000ක මුදල දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දරුවාගේ නමින් වූ ඉතිරි කිරීමේ ගිණුමක මාසිකව තැන්පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන 2025 වර්ෂය සඳහා වන අයවැය මඟින් වෙන් කර ඇත.
යෝජිත එම වැඩසටහන තිරසරව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මග පෙන්වීම සහ පසුවිපරම් කටයුතු සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් අදාළ ආයතනවල නිලධාරින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.