තෙල් හිගයක් නැහැ ; ව්‍යාජ ප්‍රවෘත්ති වලට නොරැවටෙන්න. බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලයි.

ඉදිරි මාස 2 ට අවශ්‍ය තෙල් තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඉදිරියට ඇනුවුම් කරන තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය සැලසුම් සිදු කර ඇති බවත් ඛනිජ තෙල් හිගයක් ඇතිවිය හැකි බවට ව්‍යාජ හා නොමග යවන සුලු ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙසත් බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මැදපෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛනජ තෙල් හිගයක් ඇති විය ඇකි බවට විවිධ ව්‍යාජ හා නොමග යවනසුලු පුවත් සංසරණය කරන බවක් නිරීක්ෂනය වී ඇතැයි බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *