ජාත්‍යන්තර ඛනිජතෙල් වෙලෙද පොලේ මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් වාර්තාවන්ට අනුව බොරතෙල් බැරලයක් ඩොලර් 77 ක් පමණ දක්වා ඉහළ ගොස්තිබේ . එය සතියේ ආරම්භයේ සිට 4-5% ක වැඩිවීමක් පිළිබිඹු කරයි. තත්වය නරක අතට හැරුනහොත් තෙල් බැරලයක් මිල ඩොලර් 100 ක් හෝ ඊට වැඩි විය හැකි බව සමහර විශ්ලේෂකයින් අනතුරු අඟවයි.මෙතත්වය තුල ජාත්‍යන්තර වෙළදපොල විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ “හෝමස් සමුද්‍ර සන්ධියට තර්ජනයක් එල්ල වුවහොත්, මිල එක රැයකින් අහස උසට නැඟිය හැකි බවයි.
මෙයට හේතුව වන්නේ ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ ප්‍රවාහනය නකරන වැදගත් ජල මාර්ගයක් වන හෝමස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් අපනයනය කඩාකප්පල් විය හැකි නිසයි. ආයෝජකයින් සහ තෙල් වෙළඳුන් අතර භීතියක් ඇති කරමින්, තවදුරටත් පහර දුන්නොත් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ඉරානය මේවනවිටත් තර්ජනය කර ඇත.
එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීනය ඇතුළු ලෝක බලවතුන් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියද, ගැටුම් ඉහළ මට්ටමක පවතී. රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හි ප්‍රගතියක් නොපෙනෙන බැවින්, තෙල් වෙළඳපොළවල් වැඩි අස්ථාවරත්වයක් සඳහා සූදානම් වෙමින් සිටී.
ඉහළ යන තෙල් මිල ඉහලයාමනිසා උද්ධමනය ඉහළ යාම ,ප්‍රවාහන හා නිෂ්පාදන පිරිවැය වැඩි වීම ,විශේෂයෙන් යුරෝපයේ සහ ආසියාවේ ඉන්ධන මිල ඉහළ නැංවීමට හේතුවනු ඇති බව ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවයි: