Clean Sri Lanka කියන්නේ life style එකක්

“සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්, Clean Sri Lanka වැඩසටහන රටේ සියලු දෙනාගේ life style එක විය යුතු බවත්” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා.


අග්‍රාමාත්‍යවරිය අරලියගහ මන්දිරයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචනයකට එක් වෙමින් මේ බව කියා සිටියා.


අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවේ “මෙය කළ යුතුව තිබුණේ වසර පනහකට පමණ පෙර බවත්,අපට කල් තිබෙන බවයි. Clean Sri Lanka කියන්නේ නිකම්ම නිකං Clean කිරීමක් නෙවෙයි.

ඒ වගේම මේ වැඩසටහන යටතේ පාසල් වලින් ඇති කරමින් යන වැසිකිලි කැසිකිළි පහසුකම් වලදී ආබාධිත ප්‍රජාවන්ගේ පහසුව සහ අවශ්‍යතා පිළිබඳ අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතු බවයි” සඳහන් කළේ.


මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශය සහ Clean Sri Lanka වැඩසටහනේ නිලධාරීන් පිරිසක් එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *