ඉන්දු පකිස්තාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ මතය මධ්‍යස්ථ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඉන්දු පකිස්ථාන ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථව කටයුතු කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

ඉන්දීය කාශ්මීරයේ පෙහෙල්ගාම් හිදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකුට ජීවිත අහිමි වූයේ පසුගිය අප්‍රේල් 22 වන දායි. එම ප්‍රහාරයේ වගකීම පාකිස්ථානයට පැවරූ ඉන්දියාව මැයි හත් වනදා පාකිස්තාන කාශ්මීරයේ ස්ථාන කිහිපයකට හදිසි ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කලා. එම මෙහෙයුම ඔවුන් හැඳින්වූයේ ඔපරේෂන් සින්දූර් ලෙසයි. එහිදී පාකිස්තානයේ ළමුන්ද ඇතුළුව පුද්ගලයින් තිස් එක් දෙනෙකු මිය ගියා. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දීය කාශ්මීරය වෙත ශෙල් ප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානය කටයුතු කළ අතර එහිදී සිදුවූ මරණ ගණන 15ක්. ඉන්දියාව විසින් පාකිස්තානයට එරෙහිව දියත් කල ඔපරේශන් සින්දූර් ප්‍රහාර මෙහෙයුමට ඊයේ රාත්‍රියේදී සහ අද උදෑසන පාකිස්තානය විසින්ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *