විදෙස් කටයුතු අමාත්‍යංශය ඩිජිටල්කරණ ක්‍රියාවලිය වේගවත් කරයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ වලට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. විදෙස් දූත මණ්ඩල සේවා ,දේශීය ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වාදීම යනාදියට මෙහි වැඩි අවධානයක් යොමු වුණා.


මෙම ප්‍රතිසංස්කරණ මගින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමටත් ,පරිශීලකයින්ගේ පහසුව වැඩි දියුණු කිරීමටත් අපේක්ෂිතයි.


මෙම රැස්වීමට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යය අරුන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු නිලධාරින් පිරිසක් එක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *