ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන ආ ඉන්දුනීසියාවේ ජකර්තා හි දී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.
එමෙන්ම මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා මෙරට පොලිස් නිලධාරීන් මෙහි දී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් කෙරුණා.
ඉන්දුනීසියාවේ ජකර්තා හි දී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දෙනු ලැබුවා.
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට..
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අවස්තාවට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල හා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු මෙම මෙහෙයුමට සම්බන්ද වූ නිලධාරීන් ද එක්ව සිටියා.
මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා මෙරට පොලිස් නිලධාරීන් මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් කෙරුණා.
පොලිස් නිලධාරීන් අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් කෙරේ.