ඊයේ (18) රාත්‍රියේ ඉරානය අඛණ්ඩව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් දකුණු ඊශ්‍රායලයේ පිහිටි බීර්ෂිබාහි සොරෝකා රෝහලට විශාල වශයෙන් හානි සිදුව ඇත. පුද්ගලයන් 30කට වැඩි පිරිසක් මේ ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තාකරන්නෙ එම මිසයිල ප්‍රහාරය රෝහල ඉලක්ක කරමින් සිදු නොකෙරු බවත්, ඒ අසල පිහිටි හමුදා ස්ථානයක් ඉලක්ක කරගත් බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව ඊශ්‍රායල ප්‍රහාර සමඟ මැදිහත් වන බව පැවසීමෙන් පසුව, බදාදා (18) රාත්‍රිය පුරා ඉරානය සහ ඊශ්‍රායලය එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගැනීම සිදුවිය. කෙසේ නමුත් ඉරානයට පහර දිය යුතුද යන්න පිළිබඳව ට්‍රම්ප් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
ඉරානයේ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ රෝහලකට හානි. 30ට අධික පිරිසකට තුවාල.
