ඉන්දු-පකිස්ථාන ගැටුමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් නොවන බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වැන්ස් පවසා සිටියා. එක්සත් ජනපදය ගැටුම් උත්සන්න වීම අඩු කිරීමට උත්සාහ කරන නමුත් න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාටම අවි බිම තැබීමට බල කළ නොහැකි බව උප ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. ෆොක්ස් නිවුස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
“අපගේ බලාපොරොත්තුව සහ අපේක්ෂාව වන්නේ මෙය පුළුල් කලාපීය යුද්ධයක් හෝ න්‍යෂ්ටික ගැටුමක් දක්වා ගමන්කිරීමක් සිදු නොවනු ඇති බවයි. දැනට අපි හිතන්නේ නැහැ ඒක වෙයි කියලා.” ජේ.ඩී වැන්ස් සම්මුඛ සාකච්ඡාව අතරතුර පවසා ඇත.
උප ජනපතිගේ මෙම ප්‍රකාශයන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ “America First” විදේශ ප්‍රතිපත්තියට ගැළපෙන අතර සෑමවිටම විදේශ ගැටුම්වලදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන එක්සත් ජනපද භූමිකාවෙන් පසුබැසීමක් එමගින් පෙන්නුම් කරයි.