2026 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන එළිදකී

2026 කාන්තා 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් අද එලිදැක්වූවා.

එංගලන්තය සත්කාරකත්වය දරන මෙම තරගාවලියට කන්ඩායම් 12ක් සහභාගී වීමටයි නියමිතව ඇත්තේ.

ක්‍රීඩාංගන 7ක් මෙම තරගාවලිය සදහා සූදානම් කර ඇති අතර ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනය ද ඒ අතර වනවා.

කණ්ඩායම් 12ක් තරග වදින මෙම තරගාවලියෙ සමාරම්භක තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමත් සත්කාරක එංගලන්තයත් තරග වදින අතර තරගාවලිය ලබන වසරේ ජූනි මස 12 වනදා සිට ජූලි 5වනදා දක්වා පැවැත්වීමටයි සංවිධායකයින් කටයුතු කර ඇත්තෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *