පෙරපාසල් සඳහා නව සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙ‍රේ

පෙරපාසල් සඳහා නව සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙ‍රේ.

මෙය ජාතික පෙරපාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන ලෙස නම්වනවා. බස්නාහිර පළාතෙන් ආරම්භවන මෙය පසුව දිවයින පුරා ක්‍රියාවට නංවනවා.

සමාජ සහ චර්යාත්මක වෙනසක් මඟින් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය මෙහි ප්‍රධාන අරමුණ වෙනවා. මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ක්‍රියාවට නංවනවා.


සන්නිවේදන මෙවලම් දරුවන්ට පළඳා දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. ඒ සමඟ
නිරෝගී කායික සහ මානසික තත්වයන් පවත්වාගෙන යාම සඳහා වන සෞඛ්‍ය පුරුදු වලට දරුවන් යොමුකරනවා.


පෝෂ්‍යදායී ආහාර වලට දරුවන් හුරු කරනවා. අනතුරු වලින් සහ අපචාර වලින් ආරක්ෂා වීම සඳහා ද දරුවන් දැනුවත් කරනවා.


අනාගතයේ සෞඛ්‍ය සම්පන්න පුරවැසියන් බිහිකර ගැනීම සඳහා මූලාරම්හයක් ලෙසයි මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ.

ජාතික ප්‍රතිපත්තියක් ලෙස මුල් ළමාවිය සංවර්ධනය ගැන රජයේ විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්ගේ සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ කරුනු අනාවරණය වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *