කර්මාන්ත හා සේවා දියුණු කිරීම සදහා දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක් පත්වෙයි. දිස්ත්‍රික්වලට අදාළ මන්ත්‍රීවරුන් 25 දෙනාගේ මැදිහත්වීම යටතේ එම දිස්ත්‍රික්වල ගැටළු විසදීමේ යාන්ත්‍රණයන් දියත් කිරීම මෙහිදී සිදුවෙයි.
කර්මාන්ත අමාත්‍යංශයේ ක්‍රියාකාරිත්වය සහ දිස්ත්‍රික් මට්ටමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳව හමුවේදී මේ පිළිබද සාකච්ඡා කර තිබෙනවා.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කමිටුවක් පිහිටුවීම ක්‍රියාත්මක කර ඇත. එහිදී කර්මාන්ත ආශ්රිත ගැටලු ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගැනීම සිදුවෙයි.
ප්‍රාදේශීය මට්ටමින් විසඳා ගත නොහැකි ගැටලු දිස්ත්‍රික් කමිටුවටත් එහිදී ද විසඳාගත නොහැකි ගැටලු අමාත්‍යාංශයට යොමු කිරීම සිදු කරයි.
විශාල රැකියා අවස්ථා ගණනක් ඇති කරන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කිරීම, නිෂ්ක්‍රීය ඉඩම් සහ ගොඩනැගිලි භාවිතය හඳුනාගෙන අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කිරීම සහ අධ්‍යයන වාර්තා සකස් කිරීම යන කාර්යයන් මන්ත්‍රීවරුන් විසින් ප්‍රාදේශීය මට්ටමින් කළ යුතු ප්‍රධාන කාර්යයන් වෙනවා.
එක් එක් දිස්ත්‍රික්ක වලට අදාළව කර්මාන්ත අමාත්‍යංශය සම්බන්ධීකරණය සිදුකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් :
වසන්ත පියතිස්ස මහතා – අම්පාර දිස්ත්‍රික්කය.
උපාලි සමරසිංහ මහතා – වවුනියාව දිස්ත්‍රික්කය.
ඔෂානි උමංගා මහත්මිය – කළුතර දිස්ත්‍රික්කය.
නන්දන පද්ම කුමාර මහතා – කළුතර දිස්ත්‍රික්කය.
අජන්ත ගම්මැද්දගේ මහතා – මාතර දිස්ත්‍රික්කය
ටී. කේ. ජයසුන්දර මහතා – ගාල්ල දිස්ත්‍රික්කය
රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා – යාපනය දිස්ත්‍රික්කය.
වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතා – මුලතිව් දිස්ත්‍රික්කය
අරුණ පනාගොඩ මහතා – කොළඹ දිස්ත්‍රික්කය.
කන්දසාමි ප්‍රභූ මහතා – මඩකලපුව දිස්ත්‍රික්කය
පද්මසිරි බණ්ඩාර මහතා – පොළොන්නරුව දිස්ත්‍රික්කය.
රවීන්ද්‍ර බණ්ඩාර මහතා – බදුල්ල දිස්ත්‍රික්කය.
විජේසිරි බස්නායක මහතා – කුරුණෑගල දිස්ත්‍රික්කය.
සුනිල් රාජපක්ෂ මහතා – රත්නපුර දිස්ත්‍රික්කය.
දීප්ති වාසලගේ මහත්මිය – මාතලේ දිස්ත්‍රික්කය.
රුවන් විජේවීර මහතා – මොනරාගල දිස්ත්‍රික්කය.
අතුල වෙළඳගොඩ මහතා – හම්බන්තොට දිස්ත්‍රික්කය.
චම්පික හෙට්ටිආරච්චි මහතා – ගම්පහ දිස්ත්‍රික්කය.
මුහම්මද් ෆයිසාල් මහතා – පුත්තලම දිස්ත්‍රික්කය.
තිළිණ සමරකෝන් මහතා – අනුරාධපුර දිස්ත්‍රික්කය.
රොෂාන් අක්මීමන මහතා – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.
තනුර දිසානායක මහතා – මහනුවර දිස්ත්‍රික්කය.
මංජුල සුරවීර මහතා – නුවරඑළිය දිස්ත්‍රික්කය.
ආර්. එම්. සමන්ත රණසිංහ මහතා – කෑගල්ල දිස්ත්‍රික්කය.
එම්. ජෙගදීස්වරන් මහතා – මන්නාරම දිස්ත්‍රික්කය.
ඉලන්කුමාරන් මහතා – කිලිනොච්චි