සැමට ආදර්ශයක් ලෙස පිරිවෙන් අධ්‍යාපනය ගොඩ නගන්න මහා සංඝරත්නයේ සහය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියා.
අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස පැවති පිරිවෙන් අධ්‍යාපනයේ ඉහළ ගුණාත්මක සංවර්ධනයේ අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම කෙරෙහි රජයේ මූලික අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
ඉදිරියේ දී අවශ්‍ය වෙනත් මානව හා භෞතික පහසුකම් පිරිවෙන් සඳහා ලබාදෙන බවත් දැනුම, කුසලතා හා ආකල්ප යන අංශ ත්‍රිත්වයෙහි ම සමබර වර්ධනයකින් ශිෂ්‍ය භික්ෂු දිවි පෙවෙත අර්ථාන්විත ව පරිපූර්ණ කරගැනීමට මහෝපකාරී වන ‘ ත්‍රිපිටක ධර්ම නිපුණතා පරීක්ෂණය ‘ වැනි අධ්‍යාපනික ක්‍රියාකාරකම් අභිනවයෙන් හඳුන්වා දී තිබෙන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියා.
මේ බව අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අරලියගහ මන්දිරයේ දී පූජ්‍ය වැලිවිට සරණංකර සංඝරාජයාණන් වහන්සේගේ ජන්ම දින සැමරුමට සමගාමීවයි.
මෙහිදී පිරිවෙන් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් කැපවී කටයුතු කළ ස්වාමින්වහන්සේලා සහ ගිහි පාර්ශ්වය වෙත උපහාර පිදීම සිදු වුණා.
මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්වුණ.