මැදපෙරදිග උත්සන්න වන ගටුම් අතර තීරණාත්මක ප්‍රකාශයක් කරමින්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියෙ “ඉරානය සහ ඊශ්‍රායලය දැන් සාමය ඇති කර ගත යුතු” බවයි. මෙ අතර, පුළුල් කලාපීය යුද්ධයක අද්දර සිටන දෙපාර්ශ්වයම ඉන් ඉවත් වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
ධවල මන්දිරයේ සිට ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊශ්‍රායලයට තමන්න්ව ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට අයිතියක් තිබුණද, එ සදහා මිලිටරි ක්‍රියාමාර්ග විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි බවයි . “අපි ඕනෑ තරම් ලේ වැගිරීම් දැක තිබෙනවා. මෙය විනාශය සඳහා නොව නායකත්වය සඳහා කාලයයි. මෙ පිලිබද ලෝකය අපෙක්ශාවෙන් බලා සිටී,” ඔහු පැවසීය.
ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් තම ස්ථාවරය නැවත අවධාරණය කරමින්, යුරේනියම් පොහොසත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ඉල්ලා සිටිමින් මෙපිලිබ්ද සාකච්චා මෙසයට එමට , රාජ්‍ය තාන්ත්‍රික දොරවල් විවෘතව පවතින බව පෙන්වා දුන්නේය. “සාම ගිවිසුමක් ඇති කර ගත හැකි නමුත් ඉරානය ඉක්මනින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයි . එ සදහා තවත් අවස්තාවක් නොලැබෙනු ඇත,” ඔහු අනතුරු ඇඟවීය.
එක්සත් ජනපද බුද්ධි අංශ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් ඇමරිකානු හමුදා සෝදිසියෙන් සිටින බවත් හෙළි කළ ජනාධිපතිවරයා , රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉදිරි මාවත බව ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඇතුළු ගෝලීය බලවතුන්, ගැටුම් අවම කිරීම සඳහා කළ ඉල්ලීම පිළිගෙන ඇතත්, ඉරානය සහ ඊශ්‍රායලය තවමත් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට මෑතකදී එල්ල කරන ලද ගුවන් ප්‍රහාර සහඊට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයෙන් පළිගැනීමේ තර්ජන හේතුවෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර මෙම ගටුම උත්සන්න වී ඇත. කලාපයම අස්ථාවර කළ හැකි මහා පරිමාණ යුද්ධයක් පිළිබඳ භිතිය මෙම ගැටුම නිසා හටගෙන ඇත’https://timesofindia.indiatimes.com/videos/international/full-bully-of-mideast-make-peace-trump-thunders-after-u-s-obliterates-irans-nukes/videoshow/122001187.cms