49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ආරම්භය ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී සිදුවිය

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ සවස ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
ඒ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන්.


ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ 49 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ සාම්ප්‍රදායික ඔලිම්පික් පහන දැල්වීම සහිත නිල සමාරම්භක උත්සවය ඊයේ පැවැත්වුණා.
දින 03 ක් පුරා පැවැත්වෙන මෙවර ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සහිත ජය සංකේත ප්‍රදානය හෙට ප.ව. 03.00ට අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමට සැළසුම් කර තිබෙනවා.


ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙහි සුවිශාලතම හා ප්‍රමුඛතම ක්‍රීඩා එකතුව ලෙස ජාතික මහා ක්‍රීඩා උළෙල හඳුන්වා දිය හැකි අතර සෑම පළාතක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනවා.


ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම්ලාභී අත්දැකීම් සපිරී දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මීට එක්ව සිටින අතර සමස්ත ශූරතාව තහවුරු කර ගන්නා පළාතට “ජනාධිපති අභියෝග කුසලාන” දිනා ගැනීමට හැකි වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *