රිය අනතුරුවලට ලක් වන පුද්ගලයන්ට තෙවන පාර්ශවයේ රක්ෂණ ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති බව රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය අජිත් ද මෙල් පවසා සිටියා.
ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතුව ප්‍රමාණවත් දත්ත නොලැබීමයි.
ප්‍රතිලාභ ලබාදීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති Hit and Go ආයතනයට මිලියන 76ක් මුදලක් රක්ශණ සමාගම් මඟින් ලබා දී ඇත. නමුත් ප්‍රතිලාබ ලබා දි ඇත්තෙ මිලියන 11ක මුදලක් පමණි.
ප්‍රතිලාභ ගෙවීමේදී අරමුදල් තිබුනද ප්‍රමාණවත් තරම් තොරතුරු නොලැබීම හේතුවෙන් ප්‍රතිලාභ හිමි වියයුත්තන්ට ප්‍රතිලාභ ගෙවීමට අපහසු තත්ත්වයක් උද්ගත වී ඇත.
තොරතුරු ලබාගැනීමේ ගැටලුවට ප්‍රතිචාර වශයෙන් ඉදිරියේදී පොලිස් නිලධාරීන්ට ටැබ් පරිඝනක ලබා දෙන ව්‍යාපෘතියක් කරගෙන යන බව ඔහු පවසා සිටියා.