කමේනිගෙන් පුටින් ට ලිපියක්

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි විසින් පුටින්ගේ සහාය ඉල්ලා කමේනිගෙන් ලැබුණු ලිපියක් ඔහුට භාර දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඉරිදා දින ඉරානයට එල්ල කල එක්සත් ජනපද මිලිටරි ක්‍රියාමාර්ගයෙන් පසු රුසියාවෙන් උදව් ඉල්ලා සිටීමට ඉරානයේ උත්තරීතර නායකයා තම විදේශ අමාත්‍යවරයා මොස්කව් වෙත යවා තිබෙනවා.


ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලය, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම සහ පාලන තන්ත්‍ර වෙනසක් පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතරවාරයේදී යි.


පුටින් ඊශ්‍රායල ප්‍රහාර හෙළා දැක ඇතත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාර පිළිබඳව ඔහු තවමත් අදහස් දක්වා නැත.


රුසියාවේ සහයෝගය ගැන ඉරානය මෙතෙක් පැහැදී නොමැති බව ඉරාන ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *