ශ්‍රී ලංකා -2025 ෆින්ටෙක් සමුළුව සැප්තැම්බරයේ දි

දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් මූල්‍ය සමූහ අතරින් එකක් ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවත්වීමට නියමිතයි.

මෙරට ඩිජිටල් ආර්ථික දැක්ම වේගවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. සැප්තැම්බර් 24, 25 දෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සමුළුව පැවැත්වේ.

මේ පිළිබඳ මාධ්‍යය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් (ICTA )ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ දී පැවැත්වුණා.

මෙහිදී සමුළුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනය, ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව ඩිජිටල්  පරිවර්තනය වේගවත් කිරීම, මූල්‍ය ඇතුළත් කිරීමේ මෙහෙයවීම සහ ශ්‍රී ලංකාව කලාපීය ෆින්ටෙක් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම, ආයෝජන අවස්ථා විවෘත කිරීම අරමුණු කරගත් ජාතික ආරම්භයකි.

“ශ්‍රී ලංකාවේ ඩිජිටල් බල ගැන්වීම, මූල්‍ය ඇතුළත් කිරීම සහ වර්ධනය මෙහෙයවන නවෝත්පාදන” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.

2000කට අධික පිරිසක් රටවල් 25ක් පමණ නියෝජනය කරමින් සමුළුවට සහභාගී වේ . ඊට රාජ්‍ය , මූල්‍ය , තාක්ෂණ සහ අධ්‍යාපන ආයතන සහභාගී වීමට නියමිතයි.

ෆින්ටෙක් ශ්‍රී ලංකා සමුළුව 2025 යනු, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමේ මෙරට ඩිජිටල් දැක්මේ මූලික පියවරකි.

සමුළුව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, හැටන් නැෂනල් බැංකුව ,TEXA පුද්ගලික සමාගම සහ ලංකා ෆින්ටෙක් සංසදයේ සහයෝගීත්වයෙන් පැවැත්වෙනවා.

ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යය එරංග වීරරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *