සීගිරිය සංරක්ෂණය සඳහා වූ අන්තර් ආයතනික කමිටුවේ නිර්දේශ ඇතුලත් වාර්තාව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත භාර දෙනු ලැබුවා. එය භාර දීම සිදු වුණේ සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශ්‍රවණාගාරයේදීයි.
මෙම යෝජනාවලියේ අරමුණු වන්නේ සීගිරියේ ඇති ඓතිහාසික, පුරාවිද්‍යාත්මක, වාස්තුවිද්‍යාත්මක, සෞන්දර්යාත්මක, විද්‍යාත්මක, තාක්ෂණික හා නාගරික භූ දර්ශනය යන ක්ෂේත්‍රයන් ආරක්ෂා වන පරිදි උරුමය සංරක්ෂණය කිරීම හා සංවර්ධනය සමතුලිතව පවත්වා ගැනීමයි.
මෙයට සීගිරිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමේ අවධානම සඳහා පිළියම් යෙදීම ඇතුළු යෝජනා රැසක් ඇතුළත් වෙයි. මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුණා .
සීගිරිය සංරක්ෂණය සඳහා වූ වාර්තාව භාර දෙයි.
