කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් සොයා බැලීමට විපක්ෂයේ දේශ්පාලන නියෝජිතයන් රැසක් අද එම රෝහල් පරිශ්‍රයට පැමිනියා
මේ අතර හිටපු ජානාධිපතිගේ සෞඛ්‍ය තත්වය පිළීබදව වෛද්‍ය රැක්ෂාන් බෙල්ලන මාද්‍ය හමුවේ මෙලෙස අදහස් පළකලා
හිටපු ජනාධිපටහි රනිල්වික්‍රමසිංහ මහතා මේ වන විට දැඩි වෛද්‍යය අධික්ෂණය යටතේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වෛද්‍ය රැක්ෂාන් බෙල්ලන පවසනවා
වෛද්‍යය වරයා පැවසුවේ අධිකරණ ශාලාවේදී පැය කිහිපයක් රැඳී සිටීමේදි එහිදී ඇතිවූ විදුලි විසන්දිවීම්, ජලය පානය නොකිරීම් හේතුවෙන් ඇතිවූ සංකූලතා මත ඔහු විජලන තත්ත්වයට පත්ව ඇති බවයි
මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලින් පසුව ජාතික රෝහලට මාරුකර එවා ඇති බවත් ඒ අනුව දැඩි වෛද්‍ය නිරීක්ෂණය යටතේ හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය බෙල්ලන වැඩිදුරටත් පවසා සිටියා