V O 5 වී ඕ 5 ලෙස නම් කරන ලද විශාල ග්‍රහ වස්තුවක් පෘථිවියට ආසන්නව ගමන් කරන අතර එය තර්ජනාත්මක නොවන බව නාසා විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා . මෙය
ආසන්න වශයෙන් මීටර් 370 ක පමණ විෂ්කම්භයකින් යුක්ත ක්‍රීඩාංගනයකට සමාන වෙ.
මෙහි ආසන්නතම ප්‍රවේශය ඊයෙ දින සිදු වූ අතර, එය පෘතුවියට කිලෝමීටර් මිලියන 1.5 පමනවි තිබෙ .මෙම දුරප්‍රමානය පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් 4 ගුණයකි . ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීමෙදි පෘථිවියට ආසන්න අවකාශයේ සැලකිය යුතු වස්තුවක් බවට පත්වි තිබුන අතර අවදානම් කලාපයෙන් ඔබ්බට ගමන් කළේය.නාසා හි ග්‍රහලෝක ආරක්ෂක වැඩසටහන යටතෙ එවැනි වස්තූන් පිලිබද ව පූර්ව අනතුරු ඇඟවීමක් ලබා දීමට සහ එහි බලපෑම් අවදානම් අවම කිරීමට නිරීක්ෂණය කරයි. මෙම සිදුවීම අභ්‍යවකාශ තත්ව පිලිබද දැනුවත්භාවය සඳහා ගෝලීය සම්බන්ධීකරණය සහ ආයෝජනයෙ අඛණ්ඩ අවශ්‍යතාවය අවධාරණය කරයි.මෙවර මෙම ග්‍රහකය කිසිදු තර්ජනයක් එල්ල නොකළද, අභ්‍යවකාශ සුන්බුන් සහ පෘථිවියට ආසන්න වස්තූන් ගෙ ගමන් පථයේ සහ කාල නියමයන් වෙනස්විය හකි බවින් අඛණ්ඩ සුපරීක්ෂාකාරිත්වය ඉතා වැදගත් බව විද්‍යාඥයින් අවධාරණය කරයි. 2005 දි විද්‍යාඥයින් විසින් මෙම ග්‍රහ වස්තුව සොයාගෙන තිබුනි.
ක්‍රීඩාංගනයකට සමාන ග්‍රහ වස්තුවක් පෘථිවියට ආසන්නයෙන්
