ට්‍රම්ප් පුටින් හමුව – යුක්‍රේනයට අනතුරු ඇඟවීම්

අගෝස්තු 15 වන දින ඇලස්කා සමුළුවට පෙර, යුක්රේනයේ සටන් විරාමයක් අත්කර නොගතහොත් “ඉතා දරුණු ප්‍රතිවිපාක” වලට මුහුන දීමට සිදුවනු ඇති බවට ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට අනතුරු අඟවා තිබෙනවා. ට්‍රම්ප් නැවත තේරී පත්වීමෙන් පසු පළමු වරට – මෙම ඉහළ මට්ටමේ හමුව පැවැත්වෙන අතර ඊට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ සහභාගීත්වයක් නොමැතිවිම යුක්රේනයෙ කනස්සල්ලට හෙතුවි ඇතයි විදෙශ් මාධ්‍ය වර්තා කරනවා.


නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම් නැවැත්වීම අරමුණු කරගත් දැඩි රාජ්‍ය තාන්ත්‍රික පිලිවතක් ට්‍රම්ප් පාලනය අනුගමනය කරමින් සිටින බව ධවල මන්දිර ආරංචි මාර්ග තහවුරු කරනවා. කෙසේ වෙතත්, මූලික සාකච්ඡා වලින් යුක්රේනය බැහැර කිරීමේ පිලිවෙත දැනටමත් නේටෝ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් විවේචනයට ලක්ව ඇති අතර, ඔවුන් තර්ක කරන්නේ යුක්රේනය සාකච්චා මේසයේ නොමැතිව කිසිදු ගනුදෙනුවක් සිදු නොකළ යුතු බවයි.


යුක්රේනය සහ රුසියාව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ක්‍රියා කාරිත්වය ඔහුගේ හිටපු ජනාදිපති බයිඩන්ගෙ ප්‍රවේශයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන බවත්, පුළුල් සන්ධාන ගොඩනැගීමට වඩා ද්විපාර්ශ්වික පීඩනය කෙරෙහි අවධානය යොමු කරන බවත් විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සදහන් කළේ “එලෙබෙන ඕනෑම ගිවිසුමකට යුක්රේන කැමැති විය යුතු බවයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *