හිටපු ජනපති රනිල් වික්‍රමසිංහව හෙට අධිකරණයට රැගෙන යා හැකිද?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හා ඇප ලබා දිය නොහැකි වරදක් මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා කටයුතු කිරීම ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතීත්වයක් දක්වා ගමන් කරන’ බහු පක්ෂ විරෝධී රාජ්‍ය ව්‍යවහාරයක් බව විපකෂය පවසනවා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් එක්ව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ නි‍වේදනයක් නිකුත් කරමින් මේබව සදහන්කළා.

එම නිවේදනයේ දැක්වෙන්නේ රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියදම් සම්බන්ධයෙන් පැහැදිලිව වෙන් කළ නොහැකි බවත් එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලියක් බවයි.
එමෙන්ම රනිල් වික්‍රමසිංහට එරෙහිව නගා ඇති චෝදනාව, නීතිය වැරදි ලෙස අර්ථ නිරූපනය කරමින් දේශපාලනික අරමුණු මත ගොඩනගන ලද චෝදනාවක් බව ඔවුන්ගේ නිරීක්ෂණය වන බවද එහි වැඩිදුරටත් සඳහන්.
රාජ්‍ය නායකයෙකුගේ රාජකාරි සහ පුද්ගලික වියඳම් සම්බන්ධයෙන් පැහැදිලි ඉරක් ඇඳ වෙන් කිරීම පහසු නැත. එසේ තිබිය දී, දැනට විමර්ශන කටයුතු අවසන් කර නැති චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම ‘බහු පක්ෂ දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන’ ක්‍රියාවලයක් බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *