ඉරානයට තවදුරටත් සම්බාධක ?

අගෝස්තු 29 වන දින වන විට ඉරානය   න්‍යෂ්ටික වැඩසටහනින් ඉවත්විම  සම්බන්ධයෙන්  පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කල නොහැකිවුවහොත්  සම්බාදක ක්‍රියාවලිය තවදුරටත්  ක්‍රියාත්මක වනු ඇතිබවට අන්තුරු අගවා තිබෙනව.  ඒ අනුව , එක්සත් ජාතීන්ගේ සම්බාධක යාන්ත්‍රණය   අනුව ඉවත් කරන ලද සීමාවන් ස්වයංක්‍රීයව නැවත පනවනු ඇති.

මෙ සදහා යුරෝපා සංගමය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය සමඟ සම්බන්ධීකරණයෙන්, න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඇති බැඳීම්වලට අනුකූල වීමට  ඉරානයට පැහැදිලි කාල සීමාවක් නිකුත් කර ඇත. අගෝස්තු අවසානය වන විට ඉරාන  සිය කැපවීම පෙන්විමට නොහකිවුවහොත්  මෙම සම්බාධක පැනවීම තවදුරටත්  “සාධාරණීකරණය” කරනු  ඇති බව ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් අවධාරණය කරනු ලැබුවා.

එක්ශත් ජාතින්ගෙ ස්නැප්බැක් යාන්ත්‍රණය අනුව, ආයුධ, බැංකු සබඳතා සහ න්‍යෂ්ටික තාක්ෂණය තහනම් කරන සම්බාධක ඉරානයට එරෙහිව  නැවත පැමිණිය හැකි අතර රුසියාව, චීනය හෝ එක්සත් ජනපදයෙන් ලැබෙන  සහාය මෙහිදි වදගත් නොවනු ඇත. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි අනතුරු ඇඟවූයේ මෙම සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක කිරිම  “ඉරාන න්‍යෂ්ටික ගැටලුව සම්බන්ධයෙන් යුරෝපයේ භූමිකාව අවසන් කිරීමක්” බවත්   එමගින් පවතින  රාජ්‍ය තාන්ත්‍රික ගටුම් තවදුරටත් උත්සන්න විය හෑකි බවයි. රාජ්‍ය තාන්ත්‍රික බිඳවැටීමක් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින  නමුත් ගැටුම්කාරි බව ඉහළ යමින් පවතී. එහි ප්‍රගතියක් අත්කරගත නොහකිවුහොත් මැද පෙරදිග කලාපයෙ  අස්ථාවරත්වය  තවදුරටත් වර්දනය විය හැකි බවට  නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබෙනවා .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *