ඉන්දියාව සහ පාකිස්තානය අතර යුධමය වශයෙන් උත්සන්න වන තත්වයන් හමුවෙ 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත. පිරිහෙන භූ දේශපාලනික තත්ත්වය මධ්‍යයේ ජාතික ආරක්ෂාව සහ ක්‍රීඩක ආරක්ෂාවට ප්‍රමුඛත්වය දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් මෙම තීරණය කල බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 58 වන තරගය ඊයේ පැවැත්වූනේ පංජාබ් කිංග්ස් කන්ඩායම හා දිල්ලි කැපිටල්ස් කන්ඩායම් අතරයි.ප්ලේයි ඔෆ් වටයෙ තරගයක් ලෙස තරගය පන්දුවාර 10ක් පමනක් ක්‍රියාත්මක කරන විට කාර්මික දෝශයක් හේතුවෙන් ක්‍රීඩාංගනයෙ ආලෝක පද්දතිය බිද වැටුනු අතර පසුව තරගය අතහැර දමන්නටයි තරග තීරකවරුන් කටයුතු කරනලඩි .කෙසේ වෙතත් indian today වෙබ් අඩවිය පෙන්වා දෙන්නෙ පකිස්තාන බෝම්බ ප්‍රහාරබිය හේතුවෙන් මෙසේ වෙන්නට ඇති බවයි.
කාසිය වාසිය ජයගනිමින් ප්‍රතමයෙන් පන්දුවට පහර දෙමින් සිටි පංජාබ් ක්‍රීඩකයො පන්දුවාර 10ක් වන විට ලකුනු 122 ක දැවැන්ත ලකුනු පුවරුවක් නිර්මානය කලේ ආරම්භක පිතුකරුවන් දෙදෙනාම අර්ධ ශතක සිය කන්ඩායමට ලබාදෙමින්.