කැබිලිත්ත ප්‍රදේශයේ රක්ෂිත ආශ්‍රිත ගැටලු විසදීමට පරිසර ඇමති නිරීක්ෂණ චාරිකාවක

සියඹලාණ්ඩුව, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ රක්ෂිත ආශ්‍රිත ගැටලු සඳහා කඩිනම් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා ඊයේ (30) නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා.

මෙහිදී කැබිලිත්ත ප්‍රදේශයේ රක්ෂිත ආශ්‍රිතව පවතින ගැටලුකාරී තත්වයන් පිළිබඳ අවශ්‍ය මූලික කරුණු විමසා බැලීමත් ගැටලුකාරී තත්වයන් විසඳීම සඳහා ලබා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කිරීම ද සිදුවුණා.  

රක්ෂිතවලට ගවයන් ඇතුළුවීම, අලි මිනිස් ගැටුම සඳහා ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගත් අතර මෙම ගැටලු සඳහා සාධාරණ විසඳුම් ලබා ගැනීමට ඉදිරියේ දී කඩිනමින් කටයුතු කරනු ලබන බවට පරිසර අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති, සියඹලාණ්ඩුව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා මෙන්ම වන ජීවී දෙපාර්තමේන්තුවේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ද සහාගී විය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *