“ජාතික ආරක්ෂාව” නාමයෙන් ඇමරිකාවේ සිටින චීන ජාතිකයින්ට හිරිහැර නොකරන ලෙසට චීන විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක්.

වරදකාරිත්වය පිළිබඳ පූර්ව නිගමනය සහ දේශපාලන උපායන් යෙදීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.

මෑතකදී, ඇමරිකාව තුළ පර්යේෂණ කරමින් සිටි තවත් චීන විද්වතෙකු ඇමරිකානු නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් අසාධාරණ ලෙස රඳවා ගනු ලැබීය. ඊයේ(28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා ඒ බව පැවසීය.

එම කාලය තුළ ඇමරිකාව “ජාතික ආරක්ෂාව” යන සංකල්පය පුළුල් කර ඇති බවත්, කිසිසේත් ම පදනම් රහිත චෝදනා මත ඇමරිකාවේ සිටින චීන සිසුන් සහ පර්යේෂකයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන නඩු පවරන බවත් Guo Jiakun මහතා පැවසීය. චීන සිසුන් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට සාදරයෙන් පිළිගන්නා ඇමරිකානු රාජ්‍ය නායකයාගේ ප්‍රකාශ සැබවින් ම ක්‍රියාවට නංවන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ඔහු පැවසීය.
-CGTN Sinhala

Comments (0)

Your email address will not be published. Required fields are marked *