ගෝලීය සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් ප්‍රකාශයට පත් කරන ලද “ලෝකයේ හොඳම දූපත් 50” ලැයිස්තුවට අනුව 2025 දී ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පළමු තැනට පත් වී තිබෙනවා.
ප්‍රංශ පොලිනීසියාවේ මොරියා, ඉක්වදෝරයේ ගැලපගෝස් දූපත් සහ සීෂෙල්ස් වැනි ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ දූපත් අභිබවා යමින්, මෙම වසරේ සංචාරය කළ යුතුම දූපත් ගමනාන්ත අතර ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානය ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
“ඉන්දියාවේ දකුණු වෙරළට ඔබ්බෙන් පිහිටි මෙම කඳුළු බිඳු හැඩැති දූපතේ ඒ සියල්ල තිබේ,” “මාකෝ පෝලෝ ශ්‍රී ලංකාව, ‘ලෝකයේ එහි ප්‍රමාණයෙන් හොඳම දූපත’ ලෙස හැඳින්වූයේ මන්දැයි බැලීම පහසුය” යනුවෙන් මහත් අපූර්ව ලෙස ශ්‍රී ලංකාව සංචාරක වෙබ් අඩවිය මහත් අපූර්ව ලෙස වර්ණනා කර තිබුණා.
මෙම ලැයිස්තුව සකස් කිරීමට පදනම වී ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵලවලින් ලබාගත් ලකුණු, Big 7 සංචාරක කතුවැකි කණ්ඩායමේ දායකත්වයන්, සමාජ මාධ්‍යවල ගමනාන්ත ජනප්‍රියතාවය සහ 2025 දී සංචාරකයින්ගේ අවධානය දිනාගත් ගමනාන්ත මත යි.
තේ වතු, සැතපුම් 833 ක වෙරළ තීරය, පන්සල්, යටත් විජිත නගර, මීදුම සහිත කඳු සහ කොටි සහ අලි ඇතුන් වාසය කරන යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී සෆාරි අතර ගමන් මාර්ග පිලිබද වෙබ් අඩවිය විසින් ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.
ඉහළම ශ්‍රේණිගත කිරීම් 10 අතරට ඇතුළත් වන අනෙකුත් රටවල් ලෙස,
2. මුඕරියා, ප්‍රංශ පොලිනීසියාව
3. සොකොට්‍රා, යේමනය
4. මැඩෙයිරා
5. ගැලපගෝස්, ඉක්වදෝරය
6. මහා එක්සුමා, බහමාස්
7. සීෂෙල්ස්
8. අචිල් දූපත, අයර්ලන්තය
9. කෝලිප්, තායිලන්තය
10. මිලෝස්, ග්‍රීසිය
මෙම රටවල් 10 සහිතව තවත් රටවල් 40 ක් මෙම වසරේ සංචාරය කිරීමට හොදම රටවල් ලෙස Big 7 Travel වෙබ් අඩවිය තුල සදහන් කර තිබෙනවා.