සංචාරක හෝ⁣ටල් ආශ්‍රිත වෙරළ රැකබලා ගන්නා පුද්ගලයන් පත් කිරීමේ වැඩසටහනක් අරඹයි.

හෝටල් වෙරළ රැකබලා ගන්නන් පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරේ.

සංචාරක හෝටල් ආශ්‍රිත වෙරළ කලාපවල පවිත්‍රතාව රැක ගැනීම මෙහි මූලික අරමුණයි. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය හා අදාළ සංචාරක හෝටල් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සිදු කෙරිණ.

“සුන්දර වෙරළ තීරයක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” යන තේමාවට අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රාජ්‍ය ,පෞද්ගලික හා මහජන යන අංශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. දිවයින පුරා විහිදී ඇති වෙරළ තීරය ආරක්ෂා කරගැනීම සංචාරක කර්මාන්තයට ප්‍රධාන වශයෙන් ඉවහල් වේ. 

සමුද්‍ර සංරක්ෂණ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස අන්තර්ජාතික මට්ටමින් පිළිගැනෙන බ්ලූ ෆ්ලැග් සහතිකය ශ්‍රී ලංකාවට හිමිකර ගැනීමට මෙම ව්‍යාපෘතිය දායකවේ. 

සංචාරක ආශ්‍රිත හෝටල් වෙරළ කලාප රැක බලාගැනීම වෙනුවෙන් ප්‍රදේශයේ පුද්ගලයෙකු පත් කරන අතර ඒ වෙනුවෙන් ඔහුට දීමනාවක් හිමිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *