ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නව සභාපතිවරයෙක්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල පත්  කෙරේ.

සෞඛ්‍ය  හා ජන මධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඊට අදාල පත්වීම් ලිපිය ඊයේ (29) වෛද්‍ය තමර කළුබෝවිල වෙත භාර දෙනු ලැබුවා. ඒ සෞඛ්‍ය  හා ජන මධ්‍ය  අමාත්‍යංශයේදී ය.

වෛද්‍ය තමර කළුබෝවිල කොලඹ රාජකීය  විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදරා ඇත. 1986 වසරේදී කොලඹ  වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස තිබේ.

වෛද්‍ය පරිපාලන  සේවාවට අදාල පශ්චාත් උපාධිය කොලඹ පශ්චාත් උපාධි ආයතනයේ 2002 වසරේ ලබාගෙන ඇති අතර ඔහු ඉන් අනතුරුව පානදුර, හොරණ, කළුතර  රෝහල්වල  අධ්‍යක්ෂ      මෙන්ම කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආදී වශයෙන්    වෛද්‍ය ක්ශෙත්‍රයේ   තනතුරු රැසක්  හොබවා ඇත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *