ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අදයි

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙයේ දෙවන කුඹල් පෙරහැර අද (31) රාත්‍රීයේ දී වීදි සංචාරය කිරීමට නියමිතයි.

පස්වරු 07.01ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර දළදා පෙරහැරට එක්ව වීදි සංචාරයට කරයි.

පෙරහැර දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ලඟා වීමට නියමිතයි.

පළමු කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ දී (30) ආකර්ෂණීය ලෙස වීදි සංචාරයෙහි යෙදුනා.

සධාකුත පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා හස්තියා යි.

කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් මියන් රාජා දෑලේ ගමන් ගත්තා.


පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සහභාගී වී තිබුනා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *