ඉන්දියාව සහ බ්‍රසීලයට ඇමරිකාවෙන් ඉහළ තීරුබදු

අගෝස්තු 1 වැනිදා සිට ඉන්දියාවේ භාණ්ඩ සඳහා 25% ක තීරුබදු පනවන බව ඇමරිකාවේ ජනාධිපති Donald Trump ඊයේ (30) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ තීරුබදු ඉතා ඉහළ බව Donald Trump සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය. ඉන්දියාවේ තීරුබදු නොවන බාධා වෙනත් ඕනෑම රටකට වඩා “කරදරකාරී” වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වසර ගණනාවක් දෙරට අතර වෙළඳාම සාපේක්ෂව කුඩා පරිමාවක පැවති බවද හෙතෙම සඳහන් කළේය.

එදිනම ධවල මන්දිරය ප්‍රකාශ කළේ ජනාධිපති Donald Trump බ්‍රසීලයට එරෙහිව 40% ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට අත්සන් කර ඇති බවය. ඉන් බ්‍රසීලයට පැනවෙන මුළු තීරුබදු අගය 50% දක්වා ඉහළ යනු ඇත.


-CGTN Sinhala

Comments (0)

Your email address will not be published. Required fields are marked *