කිසිදු විටෙක යටත් නොවන බවට ඉරාන උත්තරීතර නායකයාගෙන් දැඩි ප්‍රකාශයක්

ඉරානය කිසිදු විටෙක යටත් නොවන අතර කිසිවිටෙකත් ” බලහත්කාරයෙන් පැනවූ සාමයක් හෝ යුද්ධයක්” පිළිනොගන්නා බව ඊයේ (18) ඉරාන උත්තරීතර නායක Ali Hosseini Khamenei මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කරමින් අවධාරණය කළේය. ඇමරිකාවේ යුද මැදිහත්වීම නිසැකවම ආපසු හැරවිය නොහැකි හානි ගෙන එනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

වාර්තාවලට අනුව, ඉරානයට ප්‍රහාර දියත් කිරීමේ සැලසුමක් අනුමත කර තිබෙන අතර ඉරානය න්‍යෂ්ටික වැඩසටහන අත්හරින්නේ ද නැද්ද යන්න සලකා බලමින් අවසන් නියෝගය තාවකාලිකව නිකුත් නොකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 17 වනදා සිය ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකුට දැනුම් දී තිබේ. ඉන් පසු දින ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇමරිකාව අපේක්ෂා නොකරන බවයි. ඒ වෙනුවට ඇමරිකාව “පූර්ණ ජයග්‍රහණයක්” හෙවත් ” ඉරානයට න්‍යෂ්ටික අවි අහිමි කිරීමේ ” පියවරට යොමු වන බව හෙතෙම ප්‍රකාශ කළේය.එහෙත් යම් එකඟතාවකට එළඹීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *