ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ ලිපිය ලබාදෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද දින රැස්වීමට නියමිතව තිබේනවා. ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීරණයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව ඇත.
මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ දිනයේ ඒ මහතා වෙත භාරදී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් භාරදුන් බවයි වර්තාවන්නේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැහැ. කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියා.
එම යොජනා සම්මතය කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමුකළ අතර ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ දින අත්සන් කර තිබුනා. අනතුරුව ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කීරීමෙන් අනතුරුව එම ලිපිය දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත භාරදී තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *