ජපානයේ හිරෝෂිමාවේ 80 වන සංවත්සරය අද

ජපානයේ හිරෝෂිමා, ලොව පළමු පරමාණු බෝම්බ ප්‍රහාරයේ 80 වන සංවත්සරය අද ජපාන යෙ හිරොශිමා හිදි පැවත්වුනා . 1945 අගෝස්තු 6 වන දින මෙම ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සිහිපත් කිරීම සඳහා දහස් ගණනක් හිරෝෂිමා වැසියන් අතුලු ලොක නියොජිතයන් සාම අනුස්මරණ උද්‍යානයට රැස්වසිටියා.

බෝම්බය හෙළන මොහොතේ හරියටම පෙ.ව. 8:15 ට – සාම සීනුව නාද වූන අතර මෙම ඛෙදවාචකයෙන් ජීවිත අහිමිවු 140,000 ක් වෙනුවෙන් කෙටි නිශ්ශබ්දතාවයක් පැවැත්විමෙන් පසු උත්සවය ආරම්බවුනා.
1945 අගෝස්තු 6වැනිදා දෙවන ලොක යුද්දයෙදි එක්සත් ජනපදය භාවිතා කළ පළමු පරමාණු බෝම්බය හිරෝෂිමා සහ නගසාකි නගරවලට හෙලු අතර මෙම ප්‍රහාරයෙන් නගරය එක මොහොතින් විනාශයට පත්වුනා . එහි ක්ෂණික බලපෑම්ට අමතරව එහි විකිරණ බලපාම මෑත කාලය දක්වාම දක්නට ලැබුනා
දෙවන ලෝක යුද්ධයෙන් පසු සාමය සහ න්‍යෂ්ටික නිරායුධකරණය කෙරෙහි අවධානය යොමු කරමින් හිරෝෂිමා නටබුන් ආරක්ශා කරමින් පවත්වාගනයන්නෙ එහි බලපෑම ලෝකයට සිහි ගැන්විමටයි.
හිරෝෂිමා යනු ලොව පුරා සාම අධ්‍යාපනය සහ න්‍යෂ්ටික නිරායුධකරණ ක්‍රියාකාරකම් සඳහා කැපවු ප්‍රකට නගරයක් ද වෙනවා.
හිරෝෂිමා නගරාධිපති කසුමි මට්සුයි මෙහිදි පණිවිඩයක් නිකුත් කරමින් ලොක නායකයින්ගෙන් ඉල්ලා සිටියෙ න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට එක්වන ලෙසයි . ගෝලීය ගැටුම් ඉහළ යාම සහ න්‍යෂ්ටික අවි තරඟ වෙත නැවත කරලියට පැමිණීම පිළිබඳව ඔහු අනතුරු ඇඟවිමක් ද කලා .මෙම අවස්තාවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහභාගී වූ අතර , එක්සත් ජනපදය, රුසියාව සහ චීනය ඇතුළු න්‍යෂ්ටික බලවතුන්ගෙ නියොජිතයන් හො එය එක් නොවිම සාම ක්‍රියාකාරීන්ගේ විවේචනයට හේතු විතිබුනා. .

Comments (0)

Your email address will not be published. Required fields are marked *