පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරුවේ ආරම්භ වුණා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවත් අද පෙරවරුවේ විභාග කොමසාරිස් AKS ඉන්දිකා කුමාරි ලියනගේ විසින් සිදු කරනු ලැබුවා.
දිවයින පුරා මධ්‍යස්ථාන 2787ක දරුවන් 307 951 දෙනෙක් අද දිනයේ මෙම විභාගයට පෙනී සිටියා. Channel 7 අපි විභාගයට පෙනී සිටි පුංචි දරුවන්ගෙන් විමසීමක් ද සිදු කළා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කොට්ඨාස පහේම සිසුන් 9055 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර, මෙවර ඔවුන් සඳහා විභාග මධ්‍යස්ථාන 91 ක් සහ සම්බන්ධතා මධ්‍යස්ථාන 13 ක් පිහිටුවා තිබුණා.