කෘමි උවදුර නිසා මින්නේරිය කුඹුරු හෙක්ටයාර 30,000 අවදානමේ

මින්නෙරිය ගොවිජනපද ව්‍යාපාරයෙන් මෙවර යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 30 000 ක් පමන කෘමි උවදුර හේතුවෙන් විනාශ වී යෑමේ අවදානමකට ලක්ව තිබෙනවා.
මේ දිනවල පවතින දේශගුණ තත්ත්වයත් සමඟ කෘමි උවදුර සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කරන්නේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් පැතිර යන කෘමි හානිය වළකාලීමට විශාල පරිශ්‍රමයක් දරමින් තිබෙනවා.
දිස්ත්‍රික්කය තුළ මේ වනවිට වී වගාව ඉතාමත් සාර්ථකව පවතින අතර මෙම කෘමි උවදුර දීර්ඝව පැතිර ගියහොත් ලැබෙන ආදායම් තත්ත්වය පහළ යා හැකි බවයි කෘෂිකර්ම නිලධාරීන් සඳහන් කරන්නේ.
මෙහිදී කෘමි උවදුර පාලනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හඳුන්වා දෙමින් ගොවි ජනතාව දැනවත් කිරීමට ශ්‍රේෂ්ත්‍රයට පැමිණීම පිළිබඳව ගොවි ජනතාව නිලධාරීන්ට ස්තුතියද පුදකර සිටියා.
ඩ්‍රෝන යන්ත්‍ර භාවිතයෙන් හා ස්වයංක්‍රීය තෙල් ඉසින යන්ත්‍ර යොදාගෙන කෘමි උවදුර පාලනයට අවශ්‍ය කෘෂි රසායන යෙදීම ගොවීන් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *