ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතාවයේදී ශ්‍රී ලංකාව රනින් බබලවයි

ඉන්දියාවේ පැවති පළමු වැනි ලෝක මළළ ක්‍රීඩා මහාද්වීපික සංචාරක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකුගෙන් 08 දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
ඔවුන් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර ඊයේ රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාව වෙත පැමිණියා.


මෙම තරගාවලිය අගෝස්තු 10 වන දින ඉන්දියාවේ භුබනේශ්වර් නුවර දී පවත්වා තිබුණා.
එහිදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මීටර් 86 යි 50 ක් දුර විසි කරමින් රන් පදක්කම දිනා ගත්තා.
ඔහු ශ්‍රී ලංකා වාර්තාවක් ද තබමින් , ලෝකයේ මෙම ඉසව්වෙන් 07 වන ස්ථානයට පත් වූ අතර ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට ද අවස්ථාව උදා කර ගැනීමට සමත් වී තිබීම විශේශත්වයක්.
එසේම හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී එයින් ලෝකඩ පදක්කමක් දිනා ගත් සුමේධ රණසිංහ ලෝකයේ හෙල්ල විසිකිරීමේ ශේණිගතකිරීම් හි 10 වැනි ස්ථානයට පත් වී තිබේනවා.
ක්‍රීඩකයින් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා යුධ සහ ගුවන් හමුදාවේ ක්‍රීඩා අංශයේ උසස් නිලදාරීන් ඇතුලු පිරිසක් පැමිණ සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *