සෞදි අරාබියේ ප්‍රදර්ශන භූමියක බිහිසුණු අනතුරක්

සෞදි අරාබියේ ප්‍රදර්ශන භූමියක සිදු වූ අනතුරකින් අවම වශයෙන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව‍යි වාර්තා වන්නේ.

ජෙඩා නගරයට ආසන්නයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක බදාදා සවස මෙම අනතුර සිදුවී ඇති බව පැවසෙනවා.

කලාපයේ ආණ්ඩුකාර කුමරු සෞඩ් බින් නහාර් බින් සෞඩ් බින් අබ්දුලාසිස්, මෙම අනතුර පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් නිවාඩු නිකේතනය වහාම වසා දැමීමට නියෝග කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *