පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එකම පවුලේ පිය පුතු දෙදෙනකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඊයේ සවස 05 ට පමණ පොළොන්නරුව බැඳි වැව ධීවර මාවත ආසන්න පරාක්‍රම සමුද්‍රයේ පිහිටි ගල්තුඩුව දූපත ආසන්නයේදී ඔරුවක ගමන් කළ 72 හැවිරිදි හා 38 හැවිරිදි එකම පවුලේ පිය පුතු දෙදෙනකු ඔරුව පෙරළී දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇතැයි පොළොන්නරුව පොලිස් ප්‍රකාශ කලා.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව බටහිර නයින මඩම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් පොළොන්නරුව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුනපා තිබෙනවා.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු මේ වනවිට පොළොන්නරුව ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *