ඉන්දියානු මහ කොමසාරිස් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමිය අතර හමුව

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන ඇතුලු කරුනු රැසක් කෙරෙහි අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.


අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, නායකත්වය සහ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යාපන අංශයේ නිලධාරීන්ගේ කුසලතා සංවර්ධනය කිරීම සඳහා පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය අවධාරණය කර තිබෙනවා.
දෙමළ භාෂා මාධ්‍යයේ පවතින ගුරු හිඟයට කඩිනමි විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව සහ වැඩි අධ්‍යාපන ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී කරුණු පැහැදිලි කළා.
දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතින ඉන්දියානු ව්‍යාපෘති පිළිබඳව පැහැදිලි කළ ඉන්දීය මහකොසාරිස් සන්තෝෂ් ජා මහතා, වතු පාසල් ව්‍යාපෘති, ස්මාර්ට් පන්ති කාමර සහ ගුරු පුහුණු වැඩසටහන් පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කළා. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියානු රජයේ ඇති උනන්දුව ප්‍රකාශ කළ මහකොමසාරිස්වරයා, දෙරටේ විශ්වවිද්‍යාල අතර ශිෂ්‍යත්ව ලබා දීම සඳහා මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳවද පැහැදිලි කළා.


මේ අතර ධුර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ශ් සහ අගමැතිනිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා.
කැනඩාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අගමැතිනිය වෙත කරුණු පැහැදිලි කළ මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා කැනඩා රජයේ අඛණ්ඩ සහය ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.
තම ධුර කාලය තුළ මහ කොමසාරිස්වරයාගේ දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යවරිය
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ විවෘතභාවය සහ කැපවීම පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *