ලෝක වෙළෙඳ සංවිධානයේ ධීවර සහනාධාර සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් එක් වුණා.මෙමගින් ශ්‍රිලංකාවේ ධීවර කර්මාන්තයට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා විසින් නීති විරෝධී වාර්තා නොවූ අවිධිමත් ධීවර කටයුතු සඳහා දායක වන සහනාධාර මෙන්ම අධි අස්වනු ලබන මත්ස්‍ය සම්පත් සඳහා ලබා දෙන සහනාධාර තහනම් කිරීමට පියවර ගැනේ.
මෙම සම්මුතිය සමඟ එක්වීම ශ්‍රී ලංකාවට හිමිවන පිළිගැනීම සහ විශ්වාසනීයත්වය ඉහළ යාමක් සිදුවේ.
අපනයන වෙළඳපොළ තව තවත් අවස්ථා විවෘත වන අතර ලෝක වෙළඳ සංවිධානයේ විශේෂිත ධීවර අරමුදල මගින් ධීවර ප්‍රජාවගේ හැකියාවන් ගොඩනැගීමට මෙන්ම තාක්ෂණික සහය ලබාගැනීමටද අවස්ථාව උදාවේ.
ලෝකයේ රටවල් එකසිය හයක් මේ වන විට මෙම ගිවිසුමට එක් වී තිබෙනවා.