මෙරට 37 වන පොලිස්පති ලෙස, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද සිය ධූරයේ රාජකාරී අරම්භ කළා. ඒ පොලිස් මූලස්තානයේදී. මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය කොලඹ පොලිස් මූලස්තානයේදී රාජකාරී ආරම්භ කලා. ඒ පොලිස් විශේශ උත්තමාචාර මධ්‍යයයේ.
පොලිසියේ ජේයශ්ට නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්තාවට එක්ව සිටියා.
1988.05.20 දින පොලිස් කොස්තාපල් තනතුරෙන් පොලිස් සේවාවට එක්වූ වීරසූරිය 1992 වසරේදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවයට එක් උනා . කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයෙන් නීතී උපාධිය ලබා ගෙන අනතුරුව 1999 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස රාජකාරි සිදුකර තිබෙනවා
මෙරට පොලිස් ඉතිහාසයේ සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කරමින් පොලිස් සේවාවට ඉදුරාම බදවා ගනු ලබන ක්‍රම ත්‍රිත්වයෙන්ම ශ්‍රි ලංකා පොලිසියට බැදුනු එකම නිලධාරියා ලෙසද නව පොලිස්පති වීරසුරිය වාර්තා පොතට එක්වෙනවා