චීනයේ වූස ගම්මානයට ගිය ජවිපෙ ප්‍රධාන ලේකම්.

ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ චීනයේ හූජෝ නගරයේ ද චිං ප්‍රාදේශිකයේ වුස ගම්මානයේ නියෝජිතයන් අතර හමුවක් පසුගිය දා පැවැත්වුණි. හූජෝ නගරයේ උපනගරාධිපති ඇතුලු පිරිසක් අතරද සාකච්ඡා සිදුවිය.
චීන කොමියුනිස්ට් පක්ශයේ ආරධනයකට අනුවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම සංචාරයට එක්වුණේ.
නවීන තාක්ෂණය යොදා ගනිමින් වුස ගම්මානයේ කසල ප්‍රශ්නය විසඳා ඇති ආකාරය පිරිසගේ විශේෂ අවධානය යොමු විය. ගමේ සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය පිලිබදව ද අවධානයක් දක්වනු ලැබිණි. වගාවන් , රසායනික පොහොර සහ කෘමි නාශකද්‍රව්‍ය භාවිතයේදී චීන මධ්‍යම රජයහඳුන්වා දී ඇති ප්‍රමිතියෙන් අනුගමනය කරමින් වගා කටයුතු කරන බව අනාවරණය විය.
අධ්‍යාපන කටයුතුවල ද ගමක් ලෙස ඉතා තියුණු සංවර්ධන අත්පත් කරගෙන ඇත. චීන වැඩපිළිවෙල පවත්වාගෙන යාම චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණයක් බවත් එහි අත්දැකීම් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සංවර්ධනයේ සඳහා යොදාගත හැකිබවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *