ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.ඔහු මෙලෙස පැමිණ ඇත්තේ එම දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමකට අනුවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස කැඳවන්නට ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීමට පෙර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මාධ්‍ය හමුවේ කියා සිටියේ.